www.bbcmirror.lk
www.Lankawebnews.lk
අධිකරණ සහකාරවරයකු සැප්තැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ජී.ඒ. චරිත් කුමාර නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරුවරයකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුවය.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු අදාළ විනිසුරුවරයාට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී නඩුවක් පිළිබඳව කතාකිරීමට උත්සාහ කර ඇති බවයි. එහිදී නඩු පිළිබඳව කතාකිරීමට ඔහුට ඇති බලතල මොනවාදැයි විමසූ විනිසුරුවරයා, එවැනි සාකච්ඡාවකට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත. පසුව සැකකරු විනිසුරුවරයාට පවසා ඇත්තේ මෙම කරුණ අධිකරණය තුළ කතා කළ නොහැකි බැවින් ඒ ගැන කතාකිරීමට වෙනම හමුවන ලෙසයි.
මේ අතර අත්තනගල්ල අධිකරණයට අනුයුක්ත නිලධාරියකු සහ කොළඹ මහාධිකරණයේ පොත් බඳින්නකු සම්බන්ධයෙන්ද මෙම සිද්ධියට ඇති මැදිහත්වීම පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනා 18කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ සරණ ගුණවර්ධනට පසුගිය ජූනි මාසයේදී කොළඹ මහාධිකරණය මගින් වසර 16ක සිරදඬුවමක් නියම කෙරිණි.

