ඉන්දීය යුධ නෞකාව කොළඹ වරායට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ INS UDAYGIRI ‘ නැමැති යුධ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (08) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව සම්ප්‍රදායිකව පිළිගැනීම කිරීම කොළඹ වරායේ දී සිදුවිණි.

මෙම නෞකාව දිගින් මීටර් 159.02 ක් වන අතර ඉංදියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් ක්‍රියා කළ විකාශ් ශූඩ් මහතා එහි අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කරයි.

නෞකාව දිවයිනේ රැදී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමගින් සුහදත්වය වර්ධනය වන ලෙස සංවිධානය කොට ඇති වැඩ සටහන් කිහිපයකට සහභාගී වීමට නියමිත අතර මෙම නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳ

 මෙරට නාවික හමුදා නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමද මෙහිදී සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *