www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
“පොලිස්පති ධුරයට සුදුසු නායකත්වයක්” – ජනතාව අතර විශ්වාසය දිනාගත් ප්‍රවීණ නිලධාරියෙකුට සමුදීමක්
වසර 38ක් පුරා ශ්‍රී ලංකා පොලිස් සේවයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ නීතිඥ, ආචාර්ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද සිය දීර්ඝ පොලිස් සේවයට සමුදෙමින් විශ්‍රාම ලැබීය.
ඔහුගේ සේවය ඇගයීම වෙනුවෙන් විශේෂ පොලිස් ආචාර පෙළපාලියක් සහ සමුගැනීමේ උත්සවයක් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නීතිය පිළිබඳ පුළුල් දැනුමක් ඇති නීතිවේදියෙකු මෙන්ම, සාමාන්‍ය ජනතාවට සංකීර්ණ නීතිමය කරුණු පවා සරලව සහ පැහැදිලිව අවබෝධ කරදීමට හැකි නිලධාරියෙකු ලෙස අජිත් රෝහණ මහතා ජනතාව අතර විශේෂ පිළිගැනීමක් ලබා ඇත.
විශේෂයෙන්ම පොලිසිය සහ මහජනතාව අතර ඇතිවන ගැටලු, ජනතාවගේ නීතිමය අයිතිවාසිකම් සහ පොලිස් ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු මාධ්‍ය ඔස්සේ ලබාදුන් පැහැදිලි කිරීම් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
ජාති, ආගම් හෝ සමාජ භේදයකින් තොරව නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම සහ ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සම්බන්ධයෙන්ද ඔහු දැක්වූ දායකත්වය විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
නීතිමය දැනුම, පරිපාලන අත්දැකීම්, නායකත්ව හැකියාව සහ මහජන සම්බන්ධතා කුසලතා සලකා බැලීමේදී, අජිත් රෝහණ මහතා ශ්‍රී ලංකා පොලිස්පති ධුරය වැනි ඉහළ වගකීමක් දැරීමට සුදුසු පළපුරුදු නිලධාරියෙකු බව අපගේ මාධ්‍ය අදහසයි.
වසර 38ක අත්දැකීම් සහිත මෙවැනි නිලධාරියෙකු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීම පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටටද අත්දැකීම් සම්පතක් අහිමි වීමකි.
එබැවින් ඔහුගේ දැනුම, අත්දැකීම් සහ නායකත්ව හැකියාව රටේ ජනතාව වෙනුවෙන් තවදුරටත් භාවිතා කළ හැකි සුදුසු ජාතික මට්ටමේ වගකීමක් ඔහුට ලබාදීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.
🇱🇰 වසර 38ක් රටට සේවය කළ ඔබතුමාට අපගේ ගෞරවය සහ ස්තුතිය!
🙏 අජිත් රෝහණ මහතාට සුභ විශ්‍රාම දිවියක් වේවා!
#AjithRohana #SriLankaPolice #PoliceService #PublicService #Leadership #LawAndJustice #SriLanka

