නුවරඑළිය බස් නැවතුම්පොළේ දුරකථන වෙළෙඳසැලක් බිඳීමට ගිය පුද්ගලයාගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සොරකම් කිරීමේ අරමුණින් පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය CCTV කැමරා පද්ධතියේ සටහන් වෙයි

නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉහළ මහලේ පිහිටි ප්‍රසිද්ධ දුරකථන වෙළෙඳසැලක් බිඳ දමා සොරකම් කිරීමට පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකුගේ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

2026 අගෝස්තු 14 වැනිදා රාත්‍රී 10.45ට පමණ මෙම පුද්ගලයා වෙළෙඳසැල වෙත පැමිණ ඇති අතර, එහි දොරේ අගුල විවෘත කර ඇතුළුවීමට ඔහු දිගු වේලාවක් උත්සාහ කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අගුල විවෘත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ උත්සාහය අසාර්ථක වී ඇති අතර, අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා වෙළෙඳසැලේ අගුල විවෘත කිරීමට විනාඩි කිහිපයක් පුරා උත්සාහ කරන ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ පැහැදිලිව පටිගත වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය සිදු කෙරෙමින් පවතින අතර, CCTV දර්ශන ඔස්සේ අදාළ පුද්ගලයා හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *