www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින කෘෂිකාර්මික නවෝත්පාදන, හවුල්කාරිත්ව සහ මිත්‍රත්වයේ වසර 15ක කාලසීමාව සනිටුහන් කරමින් KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ 15 වන සංවත්සරය (4) වන දින මහනුවර ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
2009 වසරේදී කොරියාවේ ග්‍රාමීය සංවර්ධන පරිපාලන අධිකාරිය (Rural Development Administration) විසින් ආරම්භ කරන ලද KOPIA, හවුල්කාර රටවල් 22ක් පුරා කෘෂිකාර්මික තාක්ෂණ හුවමාරුව සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන ගෝලීය වැඩසටහනක් වන අතර 2011 වසරේදී ස්ථාපිත කරන ලද KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානය දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අභිමානවත් දායකත්වයක් ලබා දී ඇත.
KOPIA (කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා වූ කොරියානු හවුල්කාරිත්වය) යනු RDA හි කෘෂිකාර්මික තාක්ෂණික සහයෝගීතා වැඩසටහනකි. RDA (ග්‍රාමීය සංවර්ධන පරිපාලන ආයතනය) යනු කොරියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සහ ව්‍යාප්ති සේවා සඳහා වගකිව යුතු මධ්‍යම රජයේ ආයතනයකි. පසුගිය වසර 15 තුළ KOPIA විසින් ව්‍යාපෘති 17ක් සාර්ථකව නිම කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් වැදගත් වන තෝරාගත් බෝග වර්ග සංවර්ධනය කිරීමට KOPIA සහාය වී ඇත. ඒ අතර වී, අර්තාපල්, මුං ඇට, සෝයා බෝංචි, මිරිස්, ළූණු බීජ නිෂ්පාදනය, තක්කාලි සහ බෙල් පෙපර් (capsicum), මැන්ඩරින් දොඩම් සහ හතු වැනි බෝග ඇතුළත් වන අතර, මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සහාය ද ලැබී ඇත. තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද KOPIA පර්යේෂණ ව්‍යාපෘති මගින් නව දැනුම උත්පාදනය කිරීම, නව භෝග ප්‍රභේද හඳුන්වා දීම සහ වගා තාක්ෂණයන් වැඩිදියුණු කිරීම සාර්ථකව සිදු කර ඇත. ළූණු බීජ නිෂ්පාදනය, හතු නිෂ්පාදනය, උසස් තත්ත්වයේ වී නිෂ්පාදනය සහ වියළි මිරිස් නිෂ්පාදනය සඳහා හඳුන්වා දුන් ආදර්ශ ගම්මාන සංකල්පය, නව තාක්ෂණයන් ගොවි ප්‍රජාව අතර ව්‍යාප්ත කිරීමට ඉමහත් ලෙස උපකාරී වී ඇත. රට පුරා බොහෝ භෝගවල බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙම සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. තවද, KOPIA ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සහ කොරියාවේ සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ දේශීය ගොවීන්ට වටිනා පුහුණු සහ මානව සම්පත් සංවර්ධන අවස්ථා ලබා දී ඇත. කෙටි කාලීන සහ දිගු කාලීන පදනම මත කොරියානු විශේෂඥයින්ගේ සේවාවන් ද අපට ලැබී ඇත.
මෙය එහි ජයග්‍රහණ සමාලෝචනය කිරීමට සහ නව සංවර්ධන සැලසුම් පිළිබඳව සොයා බැලීමට මෙම උත්සවය සූදානම් කොට තිබුණි. මෙහි ප්‍රධාන අන්තර්ගතයන් වන්නේ: 1) KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ කාර්ය සාධනය සහ ප්‍රතිඵල, 2) 15 වසරක මතකයන්, 3) ශ්‍රී ලංකා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන උපායමාර්ග සහ අනාගත දැක්ම, 4) KOPIA ව්‍යාපෘතිවල සමාජ-ආර්ථික බලපෑම්, 5) ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘතිවල (ළූණු, මිරිස් සහ තක්කාලි/බෙල් පෙපර්) කාර්ය සාධනය යනාදියයි. පුහුණු නිලධාරීන් බිහිකිරීම ද මෙහිදී අපේක්ෂා කෙරේ.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ගරු නාමල් කරුණාරත්න මහතා, අධ්‍යක්ෂ, KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානය
ආචාර්ය පාක් පියුං-සික් (Park Pyung-Sik), අධ්‍යක්ෂ, ජාතික උද්‍යාන විද්‍යා හා ඖෂධීය ශාක විද්‍යා ආයතනය (NIHSS), RDA, කොරියාව ආචාර්ය කිම් ඩේ හියුන් (Kim Dae Hyun),ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමිය අතිගරු ලී මියොන් (Lee Miyon),හිටපු ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය කේ.ඊ. කරුණාතිලක මහතා,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි,හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය, ආචාර්ය (මෙනෙවි) සුදර්ශනී පතිරණ, කේ.පී. සෝමචන්ද්‍ර මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

