www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
S.Anil De Silva
මේ අකුරු ටික ඕනෑම ආයතනයක ඉහළ හෝ විධායක මට්ටමේ තනතුරක් දරන්නෙකුට හොඳට හුරු අකුරු ටිකක්ය. තමන්ට එන ඕනෑම ලිපියක් වෙනත් අංශයකට, ඒකකයකට, පුද්ගලයෙකුට යැවිමේදි ගහන මේ අකුරු තුනෙන් සිදුවන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් හො නොගැනිමක් ය.
පූජිත් කර ඇත්තේද මේ ටිකය. හැබැයි පොලිසිය වගේ තැනක තමන් යටතේ ඉහළ නිලධාරීන් බුරුත්තක් සිටිද්දී පොලිස්පති වූ තමන්ට එන ලිපි රොත්තම F N A ගහලා අදාළ අයට යැව්වාට පසු එක එක සොයා බැලීම අසීරුය. තමන්ගේ නියෝගය සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම පහළ නිලධාරීන්ගේ වගකීමක්ය. හැබැයි එහෙම කියලා පූජිතට මේකෙන් ඇඟ බේරා ගන්නත් බැරිය. මොකද මේ ලියමන රටේ ජාතික ආරක්ශාව සම්බන්ධයෙන් ආපු ඉතා වැදගත් ලියමනක් ය.
.හේමසිරිටත් ඇත්තේ ඊටත් එහා ගිය වගකීමකි.” ගහන බව දන්නවා……හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ…..!” ඒ ටිකම ඇතිය.
පූජිත්ව මා දන්නේ පාසැල් මිතුරා බැවින්ය. හේමසිරීව දන්නේ මාගේ විවාහයේදී බිරිඳගේ පැත්තේ සාක්ෂිකරු වීම නිසාය. අපේ හිතවත්කම් වසර ගණනාවකට දිව යන්නේය. දෙන්නා පිළිබඳව එක එක පුද්ගලයාට ඇත්තේ එක එක අදහසය. මා කතා කරන්නේ ඔවුන්ගෙන් ගිලිහුනා යැයි කියන රාජකාරිය හෝ වගකීම නොව, දෙන්නා තුළම ජීවත් වූ” මනුස්සකම” පිළිබඳවය.
හේමසිරි කලක් සිරිමාවෝගේ ද ,චන්ද්‍රිකාගේ ද ලේකම්ය. රාජ්‍ය ආයතන රාශියක ඉහළම පුටු හෙබවූ අයෙක් ය. හොඳ පරිපාලකයෙක්ය.
ආරක්ෂක ලේකම් ලෙස ජේ ආර් ජයවර්ධන සමයේ කටයුතු කළේ සේපාල ආටිගලලාය. ඔහු හිටපු හමුදාපතිවරයකි. චන්ද්‍රිකාගේ කාලයේ සිට ආරක්ෂක ලේකම් කමට පත්වුණේ මැතිවරණ කොමසාරිස්ලා, රාජ්‍ය සේවා නිලධාරින්ය. මේ හැම දෙනාම බුලට් එකක්වත් අතින් අල්ලපු අය නොවේය. ඒත් ආරක්ෂක ලේකම්ලාය. ඒ අය කළේ ආරක්ෂක කටයුතු නොව පරිපාලන කටයුතුය. තිස් වසරක යුද සමයේදීද ඔහුන් කලේ පරිපාලනයය.
පූජිත් පොලිස් අධිකාරි තනතුර දරද්දී මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂකය. එය මැනෙමින් ඉටු කළේය. නියෝජ්‍ය පොලිස්පති සමයේ මධ්‍යම දිසාව භාරව සිටිද්දී” ගමට පොලිසිය” සංකල්පය ගෙන ආවාය. ඔහු වැඩ රාශියක් ඉටුකළ අවංක පොලිස් නිලධාරියෙකි. සතයක්වත් හම්බුකර නොගත් පොලිස් නිලධාරියෙකි.තාමත් ඉන්නේ කුළී නිවසකය . පොලිස්පතිකම ලැබීමෙන් පසු එය ඔහුට දරා ගැනීමට නොහැකි වූවාදැයි සිතනවාර අනන්තය. නුවර පෙරහරේ නටා, පොළොන්නරුව වේදිකාවේ ගී ගයා, නීතියත් නමලා, සාගලට ඕකේ සර් කියා රටටම ඇහෙන්න දුරකථනයෙන් අමතා අනවශ්‍ය වැඩ කිහිපයක්ම කළේය .ඔහු සමග මාධ්‍ය මොනතරම් හිතවත් වුවද ඒවා අල්ලාගෙන පූජිත්ව පතුරු ගැසීය. හමුවන හැම අවස්ථාවකම ඔහුට මේවා පහදාද දුන්නේය.
නිලධාරීන්ගේ රාජකාරියේ වගකීම, වගවීම සහ නීතියේ සාධාරණත්වය දැන් වේදිකාවට පැමිණ තිබේ .තීන්දුවක් ප්‍රකාශයට පත්වීමේ දී රාජකාරිය පැහැර හැරීම සහ අපරාධ චේතනාව අතර ඇති නීතිමය වෙනස නිවැරදිව තීරණය කිරීම යුක්තිය සසඳාලා ලීමට ඉවහල් වීම මොන ක්‍රමයට බලපානවාද කියන්න දන්නේ නැත.
පූජිතද , හේමසිරී ද මිලියන ගනනින් වන්දිත් ගෙවා අවසන්ය.පූජිත් මිලියන හත්සීය පනහක් හොයා ගත්තේ තම සේසතම විකුණලාය. ධර්ම රාජ ආදි මිතුරන් ඊට දැක්වූ සහයෝගය කෙතරම් දැයි මා දනිමි. එහෙමත් ගෙවලා මෙහෙම තීන්දුවක් ආවාම පූජිත්ට මොනවා හිතෙන්නට ඇත්දැයි සිතාගත නොහැක. අපිට යමක් මීට පැවසිය නොහැක්කේ තුන්සිය ගානක් මියගොස්, පන්සිය ගානක් ආබාධිත වී සිටින බැවිනි. ඔවුන්ගේ වේදනාව දන්නේ ඔවුන්ම පමණක්ය.
මෙම තීන්දුවට තමන් එකග නොවන බව කියා ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රිය . ඒක චූදිතයන්ට සහ වින්දිතයන්ට එක එක ආකාරයට පිළිගත හැකිය.
අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සොයා ගැනීමය. මේ යන විදිහට පෙරහැර මඟ එන බව සිතාගැනීමට හැකිවන්නේ කසකරුවන් කලින්ම ඇතුලට ගිය නිසාය. තෝරු මෝරුද මේ යන විදියට දැළට අසුවෙනවා නියතය.එහෙම වුනොත් ඒ අයටත් අර නීති තර්කය දමා විඳැයි සාමාන්‍ය ජනයාට සිතෙන්නට පුළුවන. මොකද දැන් දැන් බන්ධනාගාරවල කෝලාහල ආරම්භ වී ඇත. අර කිව් ඇත්තන්ට ඇතුළට යන්න වුවහොත් ” බන්ධනාගාරය අනාරක්ෂිතයි…. ඒ නිසා අපිට නිවාස අඩස්සිය ලබා දෙන්න…!” කියලා කියන්නත් බැරිය.
නැත්නම් ඉතින් බන්ධනාගාරයක යම් සිදුවීමක් සිදු වූ සැණින්ම ඥාතීන් මෙහෙම වැළ නොකෙඩි එන්නේ කෙසේද යන්න සිතාගැනීමට අපහසුය. ඊයේ මහරට මුලින්ම ආවේත් එහෙම පොහොට්ටු කුක්කෙක් ය. ඇතුලට යන එක කෙක්කෙන් හෝ කොක්කෙන් හරි නවතා ගැනීම එහි යටි අරමුණක්ද විය හැකිය.
බන්ධනාගාර පද්ධතියම දුර්වල වී ඇති අවස්ථාවක බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුත්තේ දැන්ය.
පූජිතලා රාජකාරිය පැහැර හැරලා නම් මීගමුව සිද්ධිය වගේම තව රාශියක් සිද්දි වලට මුල් වූ පාලකයින්ටද එල්ලුම් ගහ හිමිවේදයි ජනතාව බලන් සිටිනවාද නොවනු මානය.
ෂර්ලි අනිල් ද සිල්වා
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
www.Ceylonnewsmedia.com
www.Srilankawebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

