ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක් බාරදෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වාදෙන බැවින්, එකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඊයේ අත්සන් කර ඇත.

මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමද අත්සන් තබා තිබේ.

ඒ අනුව එම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *