www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ජනප්‍රිය නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව ගොනු කර ඇති නඩුවකට අදාළව තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින්, ඔහුගේ චෙන්නායි හි පිහිටි නිවසේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තංජාවූර්හි දී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය සංවිධානය කළ විරෝධතා රැලියක් අතරතුරදී, නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් උදයනිධි ස්ටාලින් කළ ප්‍රකාශයක් මෙලෙස දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික කාන්තා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, උදයනිධිට එරෙහිව තමිල්නාඩු වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂ සාමාජිකයින් විසින් ප්‍රාන්තය පුරා විරෝධතාවන් ද සංවිධානය කර තිබුණි.
ඒ අනුව අසභ්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් තංජාවූර් පොලිසිය විසින් උදයනිධි ස්ටාලින්ට එරෙහිව නීතිමය වගන්ති 6ක් යටතේ නඩුවක් ගොනු කර ඇත.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස ඉල්ලා උදයනිධි ස්ටාලින්ගේ පාර්ශ්වයෙන් චෙන්නායි මහාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කර ඇත.
ඒ අනුව හදිසි නඩුවක් ලෙස එය විභාග කරන ලෙස කළ ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා, නඩුව විභාගයට ගන්නා තෙක් උදයනිධිට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස පොලිසියට දැනුම් දෙන බවත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, එම නියෝගයට පෙරම චෙන්නායි හි නිවසේදී උදයනිධි ස්ටාලින් තංජාවූර් දිස්ත්‍රික් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
