ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ජපාන රජය විසින් ලබා දුන් අනුග්‍රහයක් (යටතේ පහත් පතුල සහිත (Low-floor) බස් රථ හතක් හම්බන්තොට වරායට පැමිණ තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මෙම බස් රථ අනුග්‍රහයක් ලෙස භාරගැනීමට අදාළ කැබිනට් අනුමැතිය මෙම වසරේ (2026) මැයි මාසයේදී හිමිවූ අතර, ඒ අනුව එම බස් රථ ශ්‍රී ලංකාවට ලබාදීමට මග පෑදී ඇත.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට ලබාදිය හැකි සහාය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පසුගිය වසරේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානය හිමිව ඇත.

මෙම පතුල පහත් බස් රථ මගින් විශේෂයෙන්ම වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් බැසීමට සහ නැගීමට හැකි වන අතර, එය මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමටද විශාල රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *