2024 අප්‍රේල් 30,

2015 ජනාධිපති මැතිවරණය සඳහා මෛත්‍රිපාල නම් කිරීම තමා ජීවිතයේ සිදුකළ ඓතිහාසික වරදක් ලෙස පිලිගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (29) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය.

තවදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරිය පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහත් විනාශයකට ලක්වීමට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්කිරීමට මුල් වූ බවත්ය.

කෙසේවෙතත් නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කියා සිටි හිටපු ජනපතිවරිය තමා කිසිදු තනතුරක් බාර නොගන්නා අනර තමන්ගේ පවුලේ කිසිවිකවත් චන්දයට ඉදිරි පත් නොවන බව සදහන් කලාය තවද පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටිනා බවද මතක් කළා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *