මහින්දානන්ද නිදොස් කොට නිදහස් – 2024 අප්‍රේල් 30

නවලපිටියේ දුප්පතාගේ හිතවතා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එල්ල වී තිබූ මුල්‍ය විශුද්ධිකරන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

පසුගිය යහපාලන රජය සමයේ අදාළ චෝදනා ගොනු කරමින් නීතිපතිවරයා විසින් අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 27ක පමණ මුදලකින් කොළඹ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම හරහා මුල්‍ය විශුද්ධිකරන සිදුකර ඇති බවට එමඟින් චෝදනා එල්ල වුණා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *