ආරක්ෂාව දැඩි කරයි – පොලීසියේ 9000ක් යොදවයි – 2024 අප්‍රේල් 30

දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් මැයි (01) දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරනවා.

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දිවයින පුරා මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14ක් පැවැත්වෙන බවද මාධ්‍ය ප්‍රකාශක කරයි.
කොළඹට පැමිණෙන රථවාහන හැසිරවීමට නිලධාරීන් 1200ක් පමණ යෙදවීමට නියමිත අතර දිවයින පුරා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව කැදවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *