ඩෙංගු මර්දන සතිය හෙට සිට ආරම්භ වෙයි


BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

හෙට (30) සිට ජුලි 05 වැනිදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් 16 ක, වෛද්‍ය කොට්ඨාස 111 ක් ආවරණය වන පරිදි අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය සඳහන් කළේ.

පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින්, එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළා.

අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියහොත්, රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිමය කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *