විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවනු ලැබූ නව සමාගම් හතරට අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් සිදු කෙරේ

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවනු ලැබූ පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පුද්ගලික ආයතන හතර සඳහා පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ පත්වීම් ලිපි ලබා දී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අලුතින් පිහිටවූ සමාගමක් වන ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් (ප්‍රයිවට්) ලිමිටඩ්’ හි සභාපති ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශණ පෙරේරා පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජී.ජේ. අලුත්ගේ හා යූ.ඩී. නෙරංජිත් යන අය පත් කර තිබෙනවා.

‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (ප්‍රයිවට්) ලිමිටඩ්’ හි සභාපති ලෙස පී.එන්.එස්. කුමාරතුංග පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ හා එන්.එන්. වෙත්තසිංහ යන අය පත් කර තිබෙනවා.

‘ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්’ හි සභාපති ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න හා ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි පත් කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අමතරව ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්’ හි සභාපති ලෙස ආර්. රෝහිත ජයරත්න පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර්ය ජේ.බී. ඒකනායක සහ සී.කේ. රණතුංග පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *