ශ්‍රී ලාංකික දිනය’BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ලෙස ජාතික වැඩසටහන ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබුවා.

මෙම වැඩසටහන මඟින් සංචාරක ආකර්ශනය දිනාගැනීමට බලාපොරොත්තු වන අතර රු මි 300ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර ඇති අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරෙනවා.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 04ක රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩ සටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *