asianewsplusone.com sfmnewslk.com
Colombo Chief Magistrate Thanuja Lakmali ordered the OIC of the Criminal Investigation Department and the OIC of the Maritime Crimes Investigation Division to appear before the court on the 20th of this month to present their case regarding a bail application filed by former Minister of Labour and Foreign Employment Manusha Nanayakkara seeking anticipatory bail as he is about to be arrested.
The court made the order after considering a bail application filed by the former minister through a team of lawyers including President’s Counsel Saliya Peiris.
The lawyers also told the court that the Criminal Investigation Department is preparing to arrest their client in connection with a memorandum of understanding signed by the petitioner in relation to an agricultural and fisheries worker program between Sri Lanka and South Korea and an E8 visa issue.
The lawyers informed the court that the petitioner had signed it as an official act in accordance with the powers he had, but that it was not an act he had personally performed.
The lawyers also requested the court to grant the petitioner anticipatory bail as he had only signed a memorandum of understanding between two governments as a minister and therefore there was no possibility of pursuing a criminal case against him.
The magistrate, after considering the matter, adjourned the matte
මනූෂ නානයක්කාර අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 20 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.
හිටපු අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් ගොනු කළ ඇප අයදුම්පතක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර සේවක වැඩසටහනකට අදාළ ව පෙත්සම්කරු අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් හා E8 වීසා ගැටලුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ද නීතිඥවරු එම අප අයදුම්පත යොමු කරමින් අධිකරණය හමුවේ පැවසුවා.
පෙත්සම්කරුට හිමිව තිබූ බලතල අනුව නිල කටයුත්තක් ලෙස ඊට අත්සන් තබා ඇති නමුත් එය ඔහු පෞද්ගලිකව සිදුකළ ක්‍රියාවක් නොවන බවද නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්නා.
ඔහු සිදු කර ඇත්තේ ඇමතිවරයා වශයෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පමණක් බවත් එබැවින් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් පෙත්සම්කරුට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසට ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ ව සලකා බැලීම කල් තැබුවා.
No 1 News Provider in Sri Lanka * 👉For advertising 📞094750119199 * Please JOIN NOW👇 asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one Follow the Sfm news whatsapp group chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

