January 1, 2025
asianewsplusone.com sfmnewslk.com
The ‘Clean Sri Lanka’ program, which aims to create a morally clean country by creating environmental and social change, will be launched today (01) at the Presidential Secretariat under the patronage of President Anura Kumara Dissanayake.
This program is being implemented to create a change in attitude, behavior and quality through a broad national program without party color discrimination and to inherit a country with new values and a beautiful life for all citizens.
The Ministry of Public Administration, Provincial Councils and Local Government has also issued a special circular informing the Secretaries of Ministries, Provincial Chief Secretaries, Heads of Departments and Heads of State Corporations and Statutory Boards to commence duties in the new year in line with the ‘Clean Sri Lanka’ national program implemented by the government to create a ‘Prosperous Country – Beautiful Life’.
CLEAN SRI LANKA අද ඇරඹෙයි
asianewsplusone.com sfmnewslk.com
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරෙනවා.
පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කරදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් ද දැනුම් දී තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
