December 30, 2024
The “Clean Sri Lanka” program to be implemented by the government is scheduled to begin on the 1st.
The Presidential Media Division stated that this program will begin under the patronage of President Anura Kumara Dissanayake.
A Presidential Task Force was recently established to implement the “Clean Sri Lanka” program.
Secretary to the President Dr. N. S. Kumanayake, the Acting Inspector General of Police and the Commanders of the Tri-Forces have been included in the Presidential Task Force, which consists of 18 members.
The responsibilities assigned to this Presidential Task Force are to plan, guide, implement, review progress and complete the “Clean Sri Lanka” program within the stipulated time frame.
ජනපතිගේ දැවැන්තම ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රී ලංකා ජනවාරි 01 වනදා ඇරඹෙයි
December 30, 2024
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කෙරුණා.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබෙනවා.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

