good news for those who have taken bank loansDecember 28, 2024

The government has taken steps to provide a 12-month grace period for 99% of borrowers with loans of less than Rs. 25 million to renegotiate their loans with the banks and agree on a payment plan.

According to the Central Bank, a 9-month extension has also been given to borrowers with loans between Rs. 25 and 50 million, and a 6-month extension has been given to other borrowers.

Instead of postponing the implementation date of the Parata law, the government has held discussions with stakeholder groups to ensure that acceptable solutions are found to this long-standing problem, and as a result, the implementation of the Parata law has now been extended to March 31, 2025.

The Ministry of Economic Development says that relief for businesses is not only provided by extending the time.

This relief package, proposed by the government and implemented by the Central Bank, also consists of several important measures such as lower interest rates, extension of repayment periods, easing of credit ratings and providing a transparent mechanism for resolving valuation disputes.

The ministry further stated that the main objective of these relief measures is to ensure the active participation of small and medium-sized enterprises in the economy.

බැංකු ණය ගත්ත අයට මෙන්න සුබ ආරංචියක්
2024 දෙසැම්‍බර් 28

රුපියල් මිලියන 25ට අඩු ණය ගැනුම්කරුවන්ගෙන් 99%කට, තම ණය මුදල් බැංකු සමග නැවත සාකච්ඡා කර ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් රජය විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මහ බැංකුවේ දත්ත අනුව රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහා ද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර අනෙකුත් ණය ගැනුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙන බවයි පැවසෙන්නේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවන බවයි.

රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විත වනවා.

අමාත්‍යාංශය වැඩිදුරයත් ප්‍රකාශ කළේ, ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *