Money was taken from the President’s Fund to pay for a kidney transplant for me..December 23, 2024,asianewsplusone.com sfmnewslk.com

When asked about the release of three million rupees from the President’s Fund in the name of former Minister Wimalaweera Dissanayake, he said that the money was allocated to him from the President’s Fund due to a surgery he had undergone, former Minister Wimalaweera Dissanayake said.

”A helpless man like me took three million rupees from the President’s Fund to pay for a kidney transplant. Moreover, that three million rupees was not paid into my bank account or into the bank account of my family. All that money came to a private hospital in Wattala where I had a kidney transplant.

Moreover, this three million rupees was only allocated as hospital fees for my kidney surgery. Everyone knows that a kidney transplant cannot be done with three million rupees.

In the end, when my surgery was over and I was in the hospital for three months, the hospital bill alone was one crore. Ten million. I found that fee by selling my car.

Everyone is shouting about the money I got. But how many patients have I intervened and helped to get money from the President’s Fund?

I am not a man who came as a Member of Parliament and committed even a single fraud. At least I have not killed a single mosquito. If giving such money to such a man is a criminal offense, then hang me.”

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි..
2024 දෙසැම්‍බර් 23,
asianewsplusone.com sfmnewslk.com

හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතාගේ නමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ තිහක මුදලක් මුදා හැර තිබිම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍යකර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා පවසයි.

‘‘මම වගේ අසරණ මිනිහෙක් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ තිහක් ගත්තේ වකුගඩුවක් බද්ධ කරන්න. අනික ඔය ලක්ෂ තිහ ගෙවලා ඇවිල්ල තියෙන්නෙ මගේ බැංකු ගිණුමටවත් මගේ පවුලේ අයගේ බැංකු ගිණුමකටවත් නෙවේනේ. ඔය සල්ලි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මම වකුගඩු සැත්කම කරපු වත්තල පෞද්ගලික රෝහලකට.
අනික මේ ලක්ෂ තිහ වෙන් වුණේ මගේ වකුගඩු සැත්කමේ රෝහල් ගාස්තු විදිහට විතරයි. ඕනම කෙනෙක් දන්නවා ලක්ෂ තිහකින් වකුගඩුවක් බද්ධයක් කරන්න බැහැ කියලා.
අන්තිමේදි මගේ සැත්කම ඉවර වෙලා ඉස්පිරිතාලෙ මාස තුනක් ඉන්නකොට රෝහල් බිල විතරක් කෝටියක්. මිලියන දහයක්. ඒ ගාස්තුව මං හොයා ගත්තේ මගේ වාහනෙත් විකුණලා.
හැමෝම කෑගහන්නේ මම ගත්ත මුදලටනේ. ඒත් මම මැදිහත් වෙලා රෝගීන් කී දෙනෙක්ට ජනාධිපති අරමුදලේ මුදල් අරගන්න උදව් කරලා තියෙනවද.
මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට ඇවිල්ලා එක වංචාවක් වත් කරපු මිනිහෙක් නෙමෙයි. අඩු ගානේ මදුරුවෙක්වත් මරල නැහැ. එහෙම මනුස්සයට මේ වගේ මුදලක් ලබාදීම සාපරාධී වරදක් නම් මාව එල්ලා මරනු මැනවි”

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *