From today, all toy vehicles across the country will be seized by the police – call these numbers to report those who are toying with such vehiclesDecember 23, 2024asianewsplusone.com sfmnewslk.com

The police have planned to implement a special traffic operation across the island from today (23) focusing on passenger buses and other vehicles.

According to the plan, the aim of this operation is to minimize the increasing number of road accidents involving passenger buses and other vehicles in recent days.

This operation, which is being implemented on the instructions of the Acting Inspector General of Police, is expected to be implemented until the end of the festive season.

During this period, the primary focus will be on inspecting public passenger buses.

Officers will specifically check whether drivers are driving under the influence of alcohol or other drugs.

In addition, action will be taken against buses that drive recklessly, at high speed, violate traffic rules or have unsuitable tires or other technical defects.

Other types of vehicles will also be included in the operation.

Traffic officers will be deployed islandwide for 24-hour surveillance during the operation.

The public can report unsafe or reckless driving, including violations involving buses and other vehicles, through the hotline numbers 119 and 1997.

They can also contact the relevant police station or the mobile numbers of the designated traffic officers in their zones.

Furthermore, any video evidence of traffic violations or other offences can be sent via WhatsApp to the contact numbers provided.

The following phone numbers can be used for this purpose.

The Police Media Division assures that legal action will be taken based on the information received.

අද ඉඳන් රට පුරා සෙල්ලම් දාන වාහන ඔක්කොම පොලිසියෙන් අල්ලනවා – එහෙම සෙල්ලම් දාන අය ගැන මේ නොම්මරවලට කතාකරලා කියන්න
December 23, 2024

මගී බස් රථ සහ අනෙකුත් වාහන කේන්ද්‍ර කර ගනිමින් අද (23) ඉදන් දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.

එම සැලසුමට අනුව පසුගිය දිනවල වැඩිවෙමින් පවතින මගී ප්‍රවාහන බස් රථ සහ අනෙකුත් වාහන සම්බන්ධ මාර්ග අනතුරු අවම කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම උත්සව සමය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මෙම කාලසීමාව තුළ මූලික අවධානය යොමුවන්නේ පොදු මගී බස් රථ පරීක්ෂා කිරීම සඳහා ය.

රියදුරන් බීමතින් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන්නේ දැයි නිලධාරීන් මෙහිදී විශේෂයෙන් පරීක්ෂා කරනු ඇත.

මීට අමතරව, නොසැලකිලිමත් ලෙස, අධික වේගයෙන් ධාවනය කරන, මාර්ග නීති උල්ලංඝනය කරන හෝ නුසුදුසු ටයර් හෝ වෙනත් තාක්ෂණික දෝෂ සහිත බස් රථවලට එරෙහිව පියවර ගනු ලැබේ.

මෙම මෙහෙයුමට වෙනත් වාහන වර්ගද ඇතුළත් වේ.

මෙහෙයුම අතරතුර පැය 24 පුරාම නිරීක්ෂණ කටයුතු සඳහා රථවාහන නිලධාරීන් දිවයින පුරා යොදවනු ලැබේ.

මහජනතාවට 119 සහ 1997 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ බස් රථ සහ අනෙකුත් වාහන සම්බන්ධ උල්ලංඝනය කිරීම් ඇතුළුව අනාරක්ෂිත හෝ නොසැලකිලිමත් රිය පැදවීම් වාර්තා කළ හැකිය.

ඔවුන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හෝ ඔවුන්ගේ කලාපවල නම් කර ඇති රථවාහන නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක ද සම්බන්ධ කරගත හැක.

තවද, මාර්ග නීති කඩකිරීම් හෝ වෙනත් වැරදි පිළිබඳ ඕනෑම වීඩියෝ සාක්ෂි ලබා දී ඇති සම්බන්ධතා අංකවලට WhatsApp හරහා යැවිය හැක.

පහත දුරකථන අංක ඒ සඳහා භාවිත කිරීමට හැකියාව ඇත.

ලැබෙන තොරතුරු අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය සහතික වේ
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *