Ministry issues notice on filling of Principal vacanciesDecember 22, 2024

asianewsplusone.com sfmnewslk.com

The Ministry of Education has issued a special notice regarding the filling of the vacant posts of Grade 1 Principals of the Sri Lanka Educational Administrative Service in national schools.

It states that applications are being invited from Grade 1 officers of the Sri Lanka Educational Service to fill the vacancies in those schools as per the order of the Education Service Committee of the Public Service Commission.

The Ministry also states that the notice prepared in Sinhala and Tamil for calling for applications, the school register, marking scheme, and model application forms have been published on the website of the Ministry of Education on the 11th.

Accordingly, the said notification states that the application form can be downloaded under the ‘Special Notices’ section of the said website.

The notification issued by the Ministry of Education further states that the last date for submission of such applications is the 31st of this month.

විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්
December 22, 2024

asianewsplusone.com sfmnewslk.com

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි එම පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බවයි.

එලෙස අයදුම්පත් කැඳවීම සඳහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය, සහ ආදර්ශ ඉල්ලුම්පත්‍ර පසුගිය 11 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ ය‍ටතේ එම අයදුම්පත බාගත කිරීමට කර ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

තවද එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මෙම මස 31 වන දින වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *