asianewsplusone.com sfmnewslk.com
President Anura Kumara Dissanayake instructed Finance Ministry officials to take necessary steps to strengthen and make the country’s financial system efficient.
President Anura Kumara Dissanayake gave these instructions during a discussion held with Finance Ministry officials at the Presidential Secretariat (12).
The President said that the Central Bank, as an independent institution, will take every necessary step to stabilize the country’s financial situation and that the government will provide support and facilitation for this.
The President also instructed the officials to work to establish a sound mechanism to make bank financial activities efficient.
After closely studying the developments in the economy and the financial system as a whole, the Central Bank also focused on implementing new policies to ensure financial stability and the resilience of the financial system.
Discussions were also held to further enforce the existing macroprudential policies in the financial system.
With the economy stabilizing, safe developments in asset quality and prudent risk management and capital formation are expected to lead to good performance of the financial system going forward.
Minister of Labour and Deputy Minister of Economic Development Professor Anil Jayantha Fernando, Minister of Justice and National Integration Attorney-at-Law Harshana Nanayakkara, Deputy Minister of Finance and Planning Dr. Harshana Suriyapperuma, Secretary to the Ministry of Finance Mahinda Siriwardena, Governor of the Central Bank Dr. Nandalal Weerasinghe and other officials were present at the event.
රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ (12) පැවති සාකච්ඡාවේදීය.
රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව , මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානයට යොමු විය.
මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ආර්ථිකය ස්ථායී වීමත් සමග වත්කම්වල ගුණාත්මක භාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමග ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින් අපේක්ෂා කෙරේ .
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

