සජබ – එජාප එකතුවෙන්න සූදානම් ! ? ?

November 25, 2024
Featured / Local – දේශිය

WhatsAppFacebookTwitterLinkedInGmail
සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබා දීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සමගි ජන බලවේගය සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් රාජකරුණා මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“රනිල් වික්‍රමසිංහ දැන් රටේ නැහැ. ඔහු මෙරටට පැමිණි පසු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.”

තවද, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සියලු දක්ෂිණාංශික දේශපාලන බලවේගවලට සජබ සමග එක්වන ලෙස ඉල්ලා සිටියේය.

“අපි විශ්වාස කරනවා, අපි, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් සියල්ල එකට එකතු විය යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ සියලුම පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා සමගි ජන බලවේගය සමග එකට එකතුවෙලා මේ භේද නැති කරගෙන ඉදිරියට යන්න කියලා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරියට යා යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *