No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one
විභාග දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි සේවා කාලයක් සහිත සියලු කාර්ය මණ්ඩලය ජනවාරි පළමුවැනිදා සිට ස්ථාන මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය නිසා එම දෙපාර්තමේන්තුවේ ඉදිරි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව වසර 5කට වැඩි සේවා කාලයක් සහිත කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිය දෙනකුට අධික පිරිසක් සිටින අතර එතරම් පිරිසක් එකවර ස්ථාන මාරු කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
වසර 5කට වැඩි සේවා කාලයක් සහිත කාර්ය මණ්ඩල ස්ථාන මාරු කරන ලෙසට දෙපාර්තමේන්තුවේම පිරිසක් බලපෑම් කරමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම ආරංචි මාර්ග පවසන්නේ විභාග කටයුතු සඳහා දෙමළ ජාතික නිලධාරීන්ගේ සේවය අනිවාර්ය වන අතර මේ වන විට ගෙන ඇති තීරණ අනුව ස්ථාන මාරු කෙරෙන දෙමළ ජාතික නිලධාරියකු වෙනුවෙන් දෙපාර්තමේන්තුවට පත් කෙරෙන්නේ දෙමළ ජාතික නිලධාරියෙක් නොවන බවයි.
කෙසේ වෙතත් මින් පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබුණේ එම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ කාර්ය මණ්ඩලය ස්ථාන මාරු කිරීමය.
එලෙස ස්ථාන මාරු කිරීමට නම් කර සිටි ඇතැම් නිලධාරීන්ගේ සේවය දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අමාත්‍යාංශයට දන්වා තිබුනා.
එම දැනුම් දීමට අනුව එම නිලධාරීන්ගේ ස්ථාන මාරු ලබන අප්‍රියෙල් මාසය දක්වා කල් දැමීමට අමාත්‍යාංශය ද තීරණය කර කර ඇති අතර වසර 5කට වැඩි සේවා කාලයක් සහිත කාර්ය මණ්ඩලය ස්ථාන මාරු කිරීමේ තීරණය ගෙන ඇත්තේ ඉන් පසුවයි.
කෙසේ නමුත් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම්, අද ආරම්භ කෙරෙන උසස් පෙළ විභාගයේ ඉදිරි කටයුතු මෙන් ම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ඇතුළු කටයුතු සංවිධානය කිරීම මේ දිනවල සිට කළ යුතු වුව ද කාර්ය මණ්ඩල ස්ථාන මාරු තීරණය හේතුවෙන් එම කටයුතු සංවිධානය කිරීම ද ගැටලුවක් වී ඇත.
වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්වරම එම කටයුතුවලට යෙදවීමට නොහැකි බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

