අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්


November 26,2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ එකසිය විස්සක් වංචා කර ඇතැයි චෝදනා කරමින් නිප්චූන් පේපර් පුද්ගලික සමාගම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ගෙන්වා බෙදා හරින නිප්චූන් පේපර් පුද්ගලික සමාගම පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන ඇලෝසියස් හා කඩතොට ගෙදර චමින්ද සහන් යන පුද්ගලයින් නම් කර තිබෙනවා.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

බන්ධනාගාර අධිකාරිය මගින් අර්ජුන අලෝසියස් මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධර්මතිලක ගමගේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ පාතිමා සුහරියා මහත්මිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා.

නීතිඥවරිය කරුණු ඉදිරිපත් කළේ, විත්තිකරුවන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හතරකදී චෙක්පත් හතරක් නිකුත් කරමින් රුපියල් මිලියන 12 ක් වංචා කිරීම හා සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බවයි.

විත්තිකාර ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් අධ්‍යනය කරුණු ඉදිරිපත් කිරීම හා උපදෙස් ලබා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දී විත්තිකරුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියා.

දෙපර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප අටක් විත්තිකරුට නියම කරනු ලැබුවා

අධිකරණයේ පෙනී නොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි ද නිකුත් කළ ඇති බව තවදුරටත් වාර්තාවනවා

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *