මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින්ට කොමිසමෙන් හදිසි දැනුම්දීමක්November 24, 2024

asianewsplusone.com sfmnewslk.com

මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින්ට මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා භාරදීමට දෙසැම්බර් 6 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට එම වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

දේශපාලන පක්ෂ වෙනුවෙන්, පක්ෂ ලේකම්වරයා විසින් ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතු බවයි, මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් එම කණ්ඩායමේ නායකයා විසින් අදාළ වාර්තා ඉදිරිපත් කළ යුතු යි. ඒ අනුව මහ මැතිවරණ‍ අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇති සියලුදෙනා මැතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.

එම වාර්තා ලබාදීම පැහැර හැරීම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ගැණෙන වරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *