එලෙව්වත් යන්නේ නැති මාදිවෙල මන්ත්‍රි නිවස්වලට නිවේදනයක්


2024 නොවැම්‍බර් 24
asianewsplusone.com sfmnewslk.com

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් 21ට පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාසවල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් එම නිවාසවල රැඳී සිටින මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

මේ අතර වාර්තා වන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් 80ක් පමණ 20 වනවිට ඉවත්ව ගොස් ඇති බවයි.

09 වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසවල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු ඉකුත් (14) වැනිදා තෙක් පමණයි.

මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් තව දුරටත් එම නිවාස සංකීර්ණයේ රැඳී සිටීමට හැකියාව ඇති බවයි පාර්ලිමේන්තු බලධා‍රීන් පෙන්වා දෙන්නේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුව හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වල අනුපිළිවෙල මත මෙම නිවාස ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය පවසන්නේ.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *