පොලිසියේ ගැටලු විසඳන්න අලුත් ඇමැති පොරොන්දු වෙයි

asianewsplusone.com sfmnewslk.com

November 23, 2024

පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

අධික රාජකාරි පැවරීම, දුර බැහැර ප්‍රදේශවල ස්ථානගත කිරීම්, විධිමත් උසස්වීම් ක්‍රියාවලියක් නොමැතිකම, අක්‍රමවත් ස්ථාන මාරු ක්‍රමය ඇතුළු ගැටලු රැසකට උප පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ නිලධාරීන් මුහුණ දී සිටින බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල අවධාරණය කළේය.

මෙම ගැටලු ඵලදායී ලෙස විසඳීම ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා උසස් පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවට ඇමැතිවරයා සහතික වී තිබේ.

පොලිස් සේවයේ ගෞරවය සහ වෘත්තීයභාවය තහවුරු කරන හිතකර සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන බව ද ඇමැති විජේපාල අවධාරණය කළේය.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *