රුපියල් 3000ක දීමනාවක්

2024 නොවැම්‍බර් 22,
asianewsplusone.com sfmnewslk.com
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, අද සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අදාළ පුද්ගලයින්ට එම ගිණුම්වලින් ලබාගැනීමට හැකියාව පවතී.

අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70 ට වැඩි දැනටමත් එම දීමනාව ලබන අනිකුත් වැඩිහිටියන් සදහා එම දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මගින් ලබාගත හැකි බවද දැනුම්දෙනු ලබයි.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් පන් ලක්ෂ 11, 086 දෙනෙකු සදහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *