ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත් සඳහා චීන රජය විසින් මේ වසරේ මේ දක්වා පරිත්‍යාග කර ඇති මුළු මුදල රුපියල් බිලියන 1.5 ක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

asianewsplusone.com sfmnewslk.com

උතුර සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා චීන රජය සැළකිව යුතු පරිත්‍යාගයන් කර ඇති අතර, චීන තානාපති ක්වී ශෙන්හොන්ග් එම පළාත් දෙකේ විවිධ ප්‍රදේශවලට ගොස් ආධාර ලබාදී ඇත.

2024 නොවැම්බර් 19 සිට 21 දක්වා කාලය තුළ ද චීන තානාපතිවරයා උතුර හා නැගෙනහිර පළාත්වල විවිධ පරිත්‍යාගයන් සිදුකළ බව කොළඹ චීන තානාපති කාර්යාලය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (නොවැ 21) නැගෙනහිර පළාතේ කලුවන්කේනි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ චීන තානාපතිවරයා රු. මිලියන 04 ක පරිත්‍යාගයක් සිදුකර ඇත.

තානාපතිවරයා අඛණ්ඩව වසර කිහිපයක් නැඟෙනහිර පළාතේ ගම්මානයට පැමිණ, ගම්වාසීන්ට නිවාස ඉදිකිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ආධාර කිරීම සඳහා විවිධ මුදල් පරිත්‍යාග කර තිබේ.

මීට පෙර, බදාදා (නොවැ 20) තානාපතිවරයා විසින් නැගෙනහිර පළාතට චීන රජයෙන් රුපියල් මිලියන 08ක් පරිත්‍යාගයක් සිදුකළේය.

චීන තානාපතිවරයා එදිනම උතුරු පළාතට රුපියල් මිලියන 12ක මුදල් පරිත්‍යාගයක් ද පිරිනැමූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙම වසර සඳහා උතුරු හා නැගෙනහිර පළාත් වෙනුවෙන් චීන රජය විසින් නිවාස ඒකක, ධීවර දැල් සහ සහල් පරිත්‍යාග කර ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.5 ක් බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *