2024 මහමැතිවරණය / ජනතා හඬයන විදිය හොදයි ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයට සහය නොදැක්වූ විශාල පිරිසකගේ ඡන්දය මෙවර මාලිමාව ට!

asianewsplusone.com sfmnewslk.com

November 15,2024

වංචාව දූෂණය පිටු දැකීමට ගන්නා උත්සාහයට විශාල ජනතා ප්‍රසාදයක්!

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ඡන්දය නොදුන් විශාල පිරිසකගේ ඡන්දය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ට ලබා දී ඇති බව පෙනි යනවා
විඹාල පිරිසක් මෙවර මෙසේ මාලිමාවට ඡන්දය ලබා දී ඇති අතර විධායක ජනාධිපති වරයා එක් පක්ෂයකත් පාර්ලිමේන්තුව වෙනත් පක්ෂයකත් තිබීමෙන් රටට කිසිම යහපතක් නොවන බව තේරුම් ගෙන ජනාධිපති වරයාට රට ඉදිරියට කරගෙන යාමට ඉඩ දිය යුතුය යන මතයේ සිට මෙසේ මාලිමාවට ඔවුන්ගේ ඡන්දය ලබා දී ඇති බව පෙනියනවා

පසුගිය රජයන් හා සම්බන්ධ කූඨ ව්‍යාපාරික යින් විසින් ගෙවීම් පැහැර හැර ඇති අතිවිශාල බදු මුදල් නැවත රටට අයකර ගැනීම හා ඊට නිත්‍යානුකූලව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මහජනතාව ට විශ්වාසය ක් ගොඩ නැගි ඇති වග ඔවුන්ගේ මතයයි .

දැනට මහ පරිමාණ ස්කාගාර නිශ්පාදන වලට සම්බන්ධ අරක්කු සමාගම් පහක බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම බලපත්‍ර අහෝසි කිරීමට අධිකරණ නියෝග ලබාදී ඇත .
ඒ අනුව බහුතර ශ්‍රි ලාංකික මහජනතාව විසින් ජාතික ජනබලවේගයේ රජය ක් පත්ව රට යම්කිසි සාධණිය සංවර්ධිත තත්ත්වයකට පත්කරාවී යැයි බලාපොරොත්තු තැබිය හැකි බවයි එම ජනතාව පවසන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *