මෙන්ඩිස් කොම්පැනියට අවසන් නිවේදනය නිකුත් කරයි

November 13,2024

නොවැම්බර් 30 වනදා වන විට හිඟ වැට් බදු ගෙවීමට අපොහොසත් වුවහොත් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන බව පවසමින් සුරාබදු දෙපාර්තමේන්තුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඒ, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකුට, සමාගම විසින් ගෙවිය යුතු එකතු කළ අගය මත බදු (වැට්) ගෙවීම් රුපියල් බිලියන 3.5 ක් නොගෙවීම සම්බන්ධයෙන් මාස හයක සිරදඬුවම් නිකුත් ක‍රමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා ලබාදුන් අධිකරණ තීන්දුවකින් අනතුරුව‍යි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකළේ 2016 සිට 2019 දක්වා කාලය තුළ හිඟ වැට් බදු මුදල් එකතු වී ඇති බව අනාවරණය කරමිනි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *