දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ලංකාවට ඇවිත්


November 12, 2024

asianewsplusone.com sfmnewslk.com

2024 නොවැම්බර් මස මුල් දින 05තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,651,335 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශීත සෘතුවේ ආරම්භයත් සමඟ යුරෝපා සහ රුසියානු සංචාරකයින්ගේ පැමිණීම මේ වන විට ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන අතර නොවැම්බර් මුල් දින 05 තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් 4,488 ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීම විශේෂත්වයකි.

මීට අමතරව ජර්මනියෙන් 2,752ක්, එක්සත් රාජධානියෙන් 1,821 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 1,227 ක් ලෙසින් මෙම දින 05 තුළ වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *