නුවර වෙළඳාමේ ගිය චීන ගෑණු දෙන්නෙක් පොලිසියෙන් අල්ලයි

November 12, 2024

asianewsplusone.com sfmnewslk.com

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු මහනුවර සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන් 47 හැවිරිදි සහ 48 හැවිරිදි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු බවයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරියන් මහනුවර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *