කැබිනට් මණ්ඩලයේ අවසන් හමුව අද


November 12, 2024

asianewsplusone.com sfmnewslk.com

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදීය.

ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් බලය ලබා ගන්නා කණ්ඩායම සමග නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතය.

මහමැතිවරණය පවත්වා අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන තුරු නැවැත කැබිනට් හමුව නොපැවැත්වෙන බවද වාර්තාවේ.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *