November 12, 2024
asianewsplusone.com sfmnewslk.com
මැතිවරණ රාජකාරිවලට පත්වීම් ලබා දී ඇති සියළුම නිලධාරින් අදාළ රාජකාරී සඳහා නියමිත දිනයට නියමිත ස්ථානවලට යායුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පැවැති විශේෂ මාධ්‍ය හමුව අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා ලබා දී ඇති පත්වීම් වෙනස් කිරීම් හෝ අවලංගු කිරීම් කිසි අයුරකින් සිදු නොකළ යුතු බව ඔහු කියා සිටියා.
එමෙන්ම මැතිවරණ රාජකාරිය නොවිය දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.

