විශ්වවිද්‍යාල දින දෙකක් වසා තැබෙ


November 10, 2024

asianewsplusone.com sfmnewslk.com

සියලුම විශ්වවිද්‍යාලවලට එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර, මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්සම අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *