November 8, 2024
asianewsplusone.com sfmnewslk.com
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා 2024.10.06 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව සිවිල් පුද්ගලයින් හට මෙම අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබාදුන් බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙස දැනුවත් කරන ලදි.
දැනට විදෙස්ගතව සිටින බලපත්‍ර ලාභීන් වැනි විවිධ පාර්ශවයන් මෙම අමාත්‍යාංශය වෙතින් සිදු කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් හා බලපත්‍රලාභීන්හට ගිනි අවි සහ පතරොම් භාරදීම සම්බන්ධව ලිපි මගින් දැනුම්දීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් එකී කාල සීමාව 2024.11.07 දින සිට 2024.11.21 දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ පිළිබඳව සියලුම බලපත්‍ර ලාභින්ට ලිඛිතව දැනුම් දීමට ක්‍රියා කරන ලද බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.




