November 8, 2024
asianewsplusone.com sfmnewslk.com
ගාල්ලේ සංවිධානය කර තිබූ මැතිවරණ සාදයක් මැතිවරණ නීතිවලට අනුව අවලංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙම සාදය සංවිධානය කර ඇත්තේ හිටපු ඇමතිවරයකු විසිනි.
ගාල්ලේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ මෙම සාදය වෙනුවෙන් සුදානම් කර තිබූ ආහාර සහ පාන වර්ග මැතිවරණ කොමිසමේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
ෙමම සාදයට බස් රථ යොදවා 500ක පමණ පිරිස කැඳවා තිබුණු බව වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් සාදය අත්හිටුවීම හේතුවෙන් එහි පැමිණි පිරිස හිස් අතින් ආපසු බස්වල නැගී ගොස් තිබේ.


