උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක්November 7, 2024

asianewsplusone.com sfmnewslk.com

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමුකර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ තැපැල් මඟින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 වනදා සිට https://www.doenets.lk/ යන නිල වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමට හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *