ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

asianewsplusone.com sfmnewslk.com

මාලදිවයින ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බවත් මාලදිවයින
මහ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයා හමුවේ සඳහන් කළේය.

එසේම මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් දියුණු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

මාලදිවයින නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමත් ගීනා (fathimath Ghina) මහත්මියද මෙම අවස්ථාවට එක්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *