October 30, 2024
asianewsplusone.com sfmnewslk.com
තෙල් සංස්ථාවට අයත් කොලොන්නාව නිමාවේ ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් මේ වනවිට ස්ථාන කිහිපයකින් ඉන්ධන කාන්දු වෙමින් තිබෙනවා.
කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන JET A1 නමැති ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රවාහනය කරන නළ මාර්ගයකට මෙලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
කොලොන්නාව නිමාවේ නිලධාරීන් අද (30) උදෑසන සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම නළය මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බවයි.
මෙම ඉන්ධන නළය ආශ්‍රිත ප්‍රදේශයේ වෝට් 33,000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බවද වාර්තා වෙනවා.
asianewsplusone.com sfmnewslk.com
