October 30, 2024

මහේස්ත්‍රාත්වරයෙකු විසින් අත්සන් කළ යුතු අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවක මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යෙදූ බවට චෝදනා ලැබූ සැකකාර පොලිස් සැරයන්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ රංගල පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙක්.

මෙම නඩුව තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ අදාළ පොලිස් සැරයන්වරයා නොවැම්බර් මස 04 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ නඩුවට සම්බන්ධ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍යෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත විශේෂ පරීක්ෂණයක්ද පැවැත්වෙන බව වාර්තා වෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව මේ පිළිබඳව තෙල්දෙණිය කොට්ඨාශ භාර ජෙය්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා තවදුරටත් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *