බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි කියපු ලිපිය ගැන බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

2024 ඔක්‍තෝබර් 30,

ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ, බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ලිපියක් නිකුත්කර ඇති බව එහි සඳහන්ව ඇති බවත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවකු හෝ සිරකරුවකු යම්කිසි ලිපියක් පිටතට යවන්නේ නම් එය අදාල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යොමුකළ යුතු බවයි.

ඒ, අනුව එවැන්නක් බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය අනුව කළ යුතු බවත් මෙම ලිපිය පළවීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නේ යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *