දරුවො පාසලට ඇතුළත් කරද්දි සදහන් නොකළ බොහෝ දේවල් පවසමින් පසුව ජාත්‍යන්තර පාසල් දෙමව්පියන් වෙත දරාගත නොහැකි බරක් පීඩනයක් පටවනවා. සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසුන්ට විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙන බව සදහන් කරමි
වසරක් පාසා අධික ලෙස පාසල් ගාස්තු ඉහළ දැමීම, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ගැටලු, ගාස්තු අය කිරීමේ විෂමතා, විෂය නිර්දේශය ආවරණය නොකිරීම ඇතුළු ගැටලු රැසක් මේ වන විට හදුනා ගෙන ඇති අතර යම් විෂයක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව එම විෂය ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හැකි බව එම පාසල්වල පරිපාලන අංශ පවසනවා. වාර විභාගවලදී පන්ති ලකුණු සාමාන්‍යය ගණනය කිරීමේදී එවැනි දරුවන් අසාධාරණයට ලක්වීම ආදී ගැටලු ගණනාවක් පවතින බව සිදු කළ සොයා බැලීමකදී හෙළි වූ බවද ?
2020 වසරේදී ජාතික විගණන කාර්යාලය ‘රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්‍රියාවලිය’ නමින් වාර්තාවක් නිකුත් කළේ ය.එහිදී, ඔවුන් කළ නිරීක්ෂණ අනුව ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පෙනවා දී තිබුණා.මේ තත්ත්වය පිළිබඳව පසුගිය කාලය පුරා පුලුල් කතිකාවතක් සමාජයේ ඇති වුවත් කිසිවෙකුට විසදුමක් ලබා දීමට නොහැකි වුණා.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් සංකල්පය බිහි වූයේ, මෙරට ජීවත් වන විදේශිකයන්ගේ දරුවන්ට විදේශ විභාග සඳහා අධ්‍යාපනය ලබා දීම වෙනුවෙනි.නමුත් පසුකාලීනව සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට කැමති මූල්‍යමය හැකියාවක් සහිත දෙමාපියෝ සිය දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කිරීමට පෙළඹුණා. ඒත් දැන් තත්ත්වය බොහෝ වෙනස් එම තත්ත්වය වෙනස්.දැන් බොහෝ දෙමව්පියන් ජාත්‍යන්තර පාසල් වලට සිය දරුවන් ඇතුළත් කිරීමට පෙළඹපෙළබෙන්න දරුවන්ට සුදුසු පාසලක් අහිමි වීම නිසා.ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම, කොළඹ ආදී ප්‍රධාන නගර කේන්ද්‍රකරගත් ප්‍රමුඛ පෙළේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට ඇති අකැමැත්ත ආදී විවිධ හේතු මත සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙකුගේ දරුවෝ ද ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කරනවා.
1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනත යටතේ, පෞද්ගලික පාසල් පිහිටුවීම තහනම් කර තිබෙනවා.කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසල් පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කර පවත්වාගෙන යනවා.
ජාත්‍යන්තර පාසල් නියාමනය කළ නොහැකි ඇයිද කියන ප්‍රශ්නය දෙමාපියන් වශයෙන් අපිට තිබෙනවා .ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර නොමැති හෙයින් ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකියාවක් නැති බව ඔවුන් පවසනවා.ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන්නේ ද, ශ්‍රී ලංකාවේ ම දරුවන් පිරිසක්.එම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට අනිවාර්යයෙන් ම නියාමන ආයතනයක් තිබිය යුතු බවයි.
ජාත්‍යන්තර පාසල් පිහිටුවා තිබෙන්නේ සමාගම් විදිහටයි. ඒ නිසා ඒ දරුවන් අත් හරින්න අපට බෑ. අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර පාසල් නියාමනය කළ යුතු යි.
2018 වසරේදී උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය හිමි කර ගත්තේ, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ සිසුවියක්.නමුත් ඇයට රටේ නිසි තැන ඇයට ලැබුණේ නැහැ .මේ ජාත්‍යන්තර පාසල් වල දරුවන් මුහුණ දෙන කණගාටු දායක තත්ත්වයට එක් උදාහරණයක් පමණයි.තව ඕනෑ තරම් උදාහරණ අපි ළඟ තිබෙනවා .
එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ, අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, ජාත්‍යන්තර පාසල්වල සිසු සිසුවියන් සහ රජයේ පාසල් සිසුන් එක සමානව නොසලකන ලෙසට තමන්ට බලපෑම් එල්ල වූ බවයි.විශාල කැප කිරීම් කරලා දෙමාපියන් දරුවන්ව ජාත්‍යන්තර පාසල් වලට දාන්නේ.දරුවොත් විශාල කැප කිරීම් කරලා ඉගෙන ගෙන දක්ෂතා පෙන්වපුවම ඔවුන්ට රටේ අනෙකුත් පාසල් දරුවන්ට මෙන් සලකන්නේ නැතිනම් එතන විශාල වරදක් තිබෙනවා.මම හිතන්නේ ඊට හේතුව මේ පාසල් හරිහැටි නියාමනය නොකිරීම මේ තත්ත්වයට හේතුව කියලයි.සමහරු මේ පාසල් නියාමනය කිරීමටත් විරුද්ධයි.ඒක කුහක කමක්.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ රටේ විශාල දරුවන් පිරිසක් දැන් ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබනවා.දිනෙන් දින ඒවාට සිසුන් ඇතුළත් කිරීමත් සුපුරුදු පරිදි සිදු වෙනවා.දැන් තිබෙන්නේ මේ පාසල් පද්ධතිය හොදින් නියාමනය කිරීම තුලින් එම දරුවන්ටත් රටේ රාජ්‍ය පාසල් වල ඉගෙනුම ලබන දරුවන්ටත් සමාන සමාජ තලයන් නිර්මාණය වන පරිසරයක් රටේ නිර්මාණය කිරීමයි.ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන දරුවන්ට විදේශ රැකියා සොයා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මතයක් තිබෙනවා.මේ විධියට දරුවන්ට වෙනස් කොට සලකන ක්‍රමයක් රටේ අධ්‍යාපනය තුලින් බිහි වීම රටේ අනාගතයට ඒ තරම් සුභ නැහි බව සදහන් කරමි
අචාර්ය්‍ය එම් එම්.සෆාන්
විධායක අධ්‍යක්ෂක
මානව හිමිකම්
සුරැකිමේ සංවිධානය
asianewsplusone.com
sfmnewslk.com
