උසස් පෙළ විභාගය පවත්වන දිනය2024 ඔක්‍තෝබර් 30,asianewsplusone.com sfmnewslk.com

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් නොදමන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව, එළඹෙන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා සැලසුම් කළ පරිදි විභාගය පවත්ව බවයි ඔහු පවසන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේ, උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පළවන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති උසස් පෙළ විභාගය සදහා සකස් කළ කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙසද එහිදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සිසුන්ගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *