ඉතිහාසය පුරා පාර්ලිමේන්තුවේ අසමතුලිත බව හේතුවෙන් රටට වූ හානිය අති විශාලයි! ජනතාවට හිතකර ලෙස රට ඉදිරියට යාමට නම් සාර්ථක ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක්ද තිබිය යුතුයි!
ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද බිහි කිරීමට ඡන්ද දායකය බුද්ධිමත් විය යුතු බව මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා එස්. එෆ්. එම් නිව්ස් හා ඒෂියා නිව්ස් ප්ලස් වන් මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ආචාර්ය එම්. එම්. සෆාන් මහතා පවසයි.
නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සදහා ජනාධිපතිවරණයේදී විශාල උනන්දුවක් දක්වන ඡන්ද දායකයා රටේ විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව පවත්වන මහමැතිවරණ වලදී පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා ගැනීමේදී දක්වන අඩු අවධානය හේතුවෙන් සමතුලිත නොවන පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම මෙරට දේශපාලනයේ දක්නට ලැබෙන තත්වයක් බවද ජනාධිපතිවරයා තේරී පත් වන දේශපාලන කදවුරට විශාල බලයක් ලබා දෙනවා සේම විපක්ෂයට ද යම් බලයක් ලබා දිය යුතු යැයිද එසේ නොවන්නේ නම් යම් කණ්ඩායමකට හිතුවක්කාර දේශපාලන ගමනකට මග සලසන බවද පවසන ශෆාන් මහතා එසේත් නොමැති නම් විවිධ දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන මහජන නියෝජිතයින් තෝරා පත් කිරීම හේතුවෙන් රටේ සමස්ථ වැඩ කටයුතු අඩපණ වී අස්ථාවර තත්වයක් නිර්මාණය වී ජනතාව පීඩාවට පත් වන බවද ඒ මහතා පවසයි.
මෙම තත්වය පළමු විධායක ජනාධිපතිවරණයේ සිට පවතී සෑම මහමැතිවරණ වලදීම දක්නට ලැබුණු තත්වයක් යැයිද ඔහු පෙන්වා දෙයි. එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඔහුගේ රජයට රටේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ලබා දුන් අතර විපක්ෂය ඉතා කුඩා වීම හේතුවෙන් අදටත් විසදා ගත නොහැකි අර්බුද රැසක් රටේ නිර්මාණය වූ අතර ඉන් පසුව පත් වූ ප්‍රේමදාස රජයේ මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග රජයන් සමයේද පාර්ලිමේන්තුවේ මෙම දේශපාලන අසමතුලිත භාවය දක්නට ලැබුණු බවද පෙන්වා දෙන ශෆාන් මහතා ඊට පසුව පත් වූ මහින්ද රාජපක්ෂ රජය තුලද මෛත්‍රිපාල සිරිසේන පාලන සමයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේද මෙම තත්වය හොදින් පිළිඹිඹු වූ බවද පවසන ඒ මහතා ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයින් තේරී පත් වන පාර්ලිමේන්තුව තුල එසේ පැවති අසමතුලිතභාවය හේතුවෙන් රටේ විශාල අර්බුද නිර්මාණය වූ බවද පවසයි.
මෙරටට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වා දී ද්වි පක්ෂ ක්‍රමය බිහි වූ සමයේ සිට ක්‍රියාත්මක වන මැතිවරණ පවත්වා එක් දේශපාලන කණ්ඩායමකට බලය ලබා දී ඔවුන්ට පාලන බලය ගෙන යාමට අවස්ථාව ලබා දී යම් ලෙසකින් ඔවුන් අසාර්ථක වුවහොත් ඊලග මැතිවරණයේදී එම කණ්ඩායම බලයෙන් පහ කර වෙනත් කණ්ඩායමක් බලයට ගෙන ඒමට ජනතාව ඇති අයිතිය පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධ හේතු මත අහිමි වූ බවද ඒ අතර ප්‍රධාන වන්නේ පාර්ලිමේන්තුව තුල බලය පිරිහුණු දේශපාලන පක්ෂ හා එම පක්ෂ තුලින් පාර්ලිමේන්තුවට ආ ඇතැම් දේශපාලකයින් විවිධ හේතු ඉදිරිපත් කරමින් පක්ෂ මාරු කිරීමේ ප්‍රවනතාවය බවද පවසන සෆාන් මහතා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් අනතුරුව මුල්ම රාජකාරිය ලෙස පර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේද එවන් අසමතුලිත හා විකෘති වූ පාර්ලිමෙන්තුවක් බවද පෙන්වා දෙයි.
මේ වන විට රටේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථානුකූල විධිවිධාන අනුව විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහාය නොමැතිව ක්‍රියාත්මක විය නොහැකි බැවින් සිමාව ඉක්ම වූ බලයක් ආණ්ඩුවකට නොදීමටත් දුර්වල විපක්ෂයක් පාර්ලිමේන්තුව තුල බිහි නොකිරීමටත් ජනතාව දේශපාලන වශයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම මේ මොහොතේ අතිශයින් වැදගත් වෙනවා.මුදල පනත් නීතිමය පනත් ඇතුළු ජනතාවට වැඩ වැදගත් අණ පනත් සම්මත කර ගැනීමේදී ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම සාර්ථක විපක්ෂයක් නොමැති කමින් රටට සිදු වූ විනාශය අපි කවුරුත් දන්නවා.යලි එවන් තත්වයක් රටේ නිර්මාණය නොකිරීමට අපි වග බලාගත යුතුයි.පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ආකාරය හා ඔවුන්ගේ දේශපාලන ඥානය මත මේ සියල්ල තීරණය වෙනවා. නමුත් මේ පිලිබදව ජනතාව දැනුම්වත් කිරීම අපේ වගකීමක්.
සරත් සමරනායක
asianewsplusone.com sfmnewslk.com

