2024 ඔක්‍තෝබර් 27,

asianewsplusone.com sfmnewslk.com

2025 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට එක්වෙමින් ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේය.

එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයෙන් පරාජය වී නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බව ලාල් කාන්ත මහතා වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *