October 1, 2024
සුපිරි නළු රජිනිකාන්ත් සඳුදා (30) රාත්‍රියේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, උදරය ආශ්‍රිතව හටහත් වේදනාවකට ප්‍රතිකාර ලැබීම සඳහා බවයි වාර්තා වන්නේ.
ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු දින 2-3ක් ඇතුළත රෝහලෙන් පිටව යනු ඇති බව සඳහන්.
ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවුලේ ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ, ඔහු සාමාන්‍ය පරිදි ස්ථාවරව පසුවන බවයි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4
asianewsplusone.com sfmnewslk.com
